General13 August 2021

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් ගැසට් නිවේදනයක් (වීඩියෝ)

විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100ක්.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ බලතල ප්‍රකාරව පෙර පැවති ගැසට් නිවේදන අවලංගු කරමින්  මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින්  බදු පැනවීම සිදුකර තිබෙනවා.

උළුහාල් ඇට කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50ක් වනවා.

කුරක්කන් පිටි කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 150ක බද්දක් පැනවෙන අතර අබ ඇට කිලෝග්‍රෑමයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 62ක්.

ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 40ක බද්දක් පනවා තිබෙනවා.

වෙඬරු මෙන්ම කිරිවලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පැනවෙන බද්ද රුපියල් 880ක්.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක්  සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.



Related recommendation
Hiru TV News | Programmes