General17 September 2021

නවීකරණය කෙරුණු ගෝමරන්කඩවල සති පොල විවෘත කිරීම ලබන මාසයේ (ඡායාරූප)

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 55ක් වැයකර නවීකරණය කළ ගෝමරන්කඩවල සති පොල භූමිය අද ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව වෙත නිළ ව්ශයෙන් භාර දුන් බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර පවසනවා.

සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම සති පොල නාගරික සංවර්ධන අධිකාරිය විසින් මාස 6ක් ඇතුලත සම්පූර්ණයෙන් තනා නිමකළා.

මෙම නව සති පොළ භූමිය තුළ වෙළෙඳුන්ට සියලු පහසුකම් සපයා ඇති අතර ගොවි නිෂ්පාදන ගොඩබෑමට සහ පැටවීම් සිදු කිරීමටත් අවශ්‍ය කරන සියලු පහසුකම් ද සකසා තිබෙනවා.

වාහන නැවැත්වීම සඳහා විශාල වාහන අංගනයක් ද මෙහි ඉදිකර ඇති අතර ලබන මාසයේදී මෙය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes