මාස 6 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහුට නිවසේ සිටි මෙහෙකාර දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියටද චෝදනා එල්ල වුණා.
ඒ අනුවයි, නඩු දෙකකට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.
ඔහුගේ නිවසේ සේවය කළ හිෂාලිනි නමැති 16 හැවිරිදි දැරිය පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව නඩුව අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු බොහෝදුරට අවසන් වී ඇති හෙයින් සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවයි.
ඒ අනුව, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට විදෙස් ගමන් තහනම් කළා. වැඩිදුර නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 18 වනදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
පාස්කු ප්‍රහාරයට අදාළව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට චෝදනා එල්ල වී ඇති අතර, ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අප්‍රේල් මස 24 වනදා ඔහු අත්අඩංගුවට ගෙන මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැඳවූ අතර එහිදී ද මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමටයි නියෝග කළේ.
ඒ අනුව, රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත දෙකක් මත ඔහු මුදා හැරුණු අතර, සති දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරුණා

Latest News
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026