General26 October 2021

කලබලකාරී ලෙස හැසිරුණු ඉහළ පොලිස් නිලධාරියෙකු පිළිබඳ විමර්ශනයක් (වීඩියෝ)

අද උදෑසන රත්නපුර කිරිඇල්ල මාර්ගයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු, රිය අනතුරකට අදාළ සිදුවීමකට මැදිහත් වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අදාළ සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට බරපතළ හානියක් ඇතිකරන බවයි.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ අපකීර්තිමත් හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු පවසා සිටියා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ මෑතකදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ තුවක්කුවට කොඩියක් ගසාගත් පොලිස් නිලධාරියකු බවත් වාර්තා වනවා.

Related recommendation
Hiru TV News | Programmes