මිල ඉහළ දැමුව ද ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගෑස් හිඟව පවතින බවට වෙළදපළ ආරංචි මාර්ග පවසනවා.
ඇතැම් ප්‍රදේශවල ගෑස් සඟවා ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.
කුරුණෑගල නගරය ඇතුළු තවත් නගර කිහිපයකම ඊයේ ගෑස් හිඟයක් පැවති බවයි පාරිභෝගික ජනතාව හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, වෙළෙදපළේ ඉහළ ගොස් තිබූ වාහනවල මිල ගණන් මේ වන විට යම්තාක් දුරට පහත බැස ඇති බවත්, එය ස්ථාවර මිලක පවතින බවත්, වාහන ආනයනකරුවන් පවසනවා.
කෙසේ වෙතත්, පාලනය කළ නොහැකි අයුරින් වාහන අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.
ඇතැම් වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් විසින් අසාධාරණ අන්දමින් අමතර කොටස් මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා.
ඩොලරයේ අගය ඉහළයාම ඇතුළු වෙළඳපල තත්වයන් මත වාහන අමතර කොටස් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අප කළ විමසීමකදී කියා සිටියේ.
කෙසේ වෙතත්, මේ වනවිට වෙළදපළෙහි වාහනවල මිල ස්ථාවර වී ඇති අතර, එය යම් සාධනීය තත්වයක් බව ද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය වසංගත තත්ත්වයේ ප්‍රතිඵලයක් බවත්, පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කළුතරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

Latest News
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
දළුපොත බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට ආරක්ෂක අංශ
Local
07 August 2026
රුපියලට හීනි ටොක්කක් - ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.15
Local
07 August 2026
මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්: නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Local
07 August 2026
බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
Local
07 August 2026
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
Local
07 August 2026
තායිලන්ත පාසලක වෙඩි තැබීමකින් ගුරුවරියක් මරුට: සිව්දෙනෙකුට තුවාල
Local
07 August 2026
බුලත්සිංහල අමරේගෙදර වංගුවේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 14කට තුවාල
Local
07 August 2026