General22 November 2021

බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ඉහළට (වීඩියෝ)

බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05 කින් මිල ඉහළ දමන බවයි එම සංගමය පවසන්නේ.

මෙම මිල සංශෝධනය හෙට (23) සිට ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් කිරි තේ කෝප්පයක මිල ඉහළ නොදමන බව ඔහු සඳහන් කළා.

ආපනශාලා හිමියන්ගේ සංගමය මීට පෙර ද ආහාර පාර්සලයක සහ කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, මෙන්ම තේ සහ කිරි තේ කෝප්පයක මිල ඉහළ දමනු ලැබුවා.

Related recommendation
Hiru TV News | Programmes