කාන්තා හිංසනයට එරෙහි ව පාර්ලිමේන්තුවේ දී විරෝධතාවක් (වීඩියෝ)

Thursday, 25 November 2021 - 10:21

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු මැයෙන් සඳහන් පෝස්ටරයක් පැලඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා.

ඊට අමතර ව මන්ත්‍රීවරුන් අතෙහි තැඹිලි පැහැති පටියක් ද පැලඳ සිටිනවා.

රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය තැඹිලි පැහැති සාරියකින් සැරසී පැමිණ සිටීම ද විශේෂත්වයක්.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ද අදට යෙදී තිබෙනවා.

එම දිනය සහ පසුගිය සෙනසුරා දා අයවැය කථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, රෝහිණී විජේරත්න මන්ත්‍රීවරියට දැක් වූ ප්‍රතිචාරවලට විරෝධය දැක්වීම සඳහායි මෙලෙස පැමිණ ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories