General25 November 2021

පන්නිපිටිය නිවසක පිපිරිමක් (ඡායාරූප)

කොට්ටාව - පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ සිදු වූ පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද අලුයම 4ට පමණ නිවැසියන් නිදා සිටි අවස්ථාවේදී මෙම පිපිරුම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් යුත් එම නිවසේ කිසිවෙකුටත් පිපිරුමෙන් හානියක් සිදුව නැහැ.

පිපිරීම හේතුවෙන් නිවසේ වහලයට සහ බිත්ති කිහිපයකට හානි සිදුව තිබෙනවා.

මේ අතර ගතවූ දින කිහිපය තුල ගෑස් පිපිරිම් සිදුව ඇත්තේ එහි සංයුතිය වෙනස්වීම් හේතුවෙන් බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ පසුගියදා මැක්ඩොනල්ඩ් අවන්හලේ ඇති වූ ගින්නට හේතුව එම අවන්හල තුල ගෑස් කාන්දු වී අදාළ වායු කලාපය තුල පුපුරා යාම බවයි.

මීට පෙර රත්නපුර, අලව්ව, වැලිගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ද මෙවැනිම ගෑස් කාන්දු වීම් නිසා ඇති වූ ගිනි ගැනීම් වාර්තා වු අතර එහි ආසන්තම සිදුවීම අද වාර්තා වුණේ කොට්ටාව - පන්නිපිටිය ප්‍රදේශයෙන්.

අද අලුයම නිවසක සිදු වූ මෙම පිපිරීම ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් යුත් එම නිවසේ කිසිවෙකුටත් එමගින් හානියක් සිදුව තිබුණේ නැහැ.

 
Related recommendation
Hiru TV News | Programmes