General29 November 2021

ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ මිය ගිය බවට පළවන වාර්තා අසත්‍යක්

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ දිවි සැරිය නිම කළ බවට වන විවිධ වාර්තා සහ පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති අංශය අයිරාංගනී සේරසිංහ සම්බන්ධ කර ගැනීමට ඇයගේ දුරකථනයට ලබා ගත් ඇමතුමට පිළිතුරු ලබා දුන් අයිරාංගනී සේරසිංහ කියා සිටියේ තමන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් නිවසේ සිටියදී හදිසියේ ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඇය නිවසේ ඇද වැටුණු බවත්, කෙසේ වෙතත් මේ වන විට තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.


Related recommendation
Hiru TV News | Programmes