මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය අද වනවිට ඩොලර් බිලියන 3 යි දශම 1 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා.
දේශීය වෙළඳපොල තුල විදේශ විනිමය ද්රව්යශීලතාවය වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකුව ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ මේ වසරේ අපනයන ආදායම ඉහළ යාම මෙලෙස නිල සංචිත ප්‍රමාණය වර්ධනය වීමට හේතු වූ බවයි, මහබැංකුව සඳහන් කළේ.
පසුගිය නොවැම්බර් මස අවසන් සතිය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම 5ක් දක්වා පහත වැටුණා.
එම ප්‍රමාණයෙනුත් මුදල් වශයෙන් පැවතියේ ඩොලර් බිලියන 1 යි දශම 1ක සංඛ්‍යාවක් පමණයි.
මෙම තත්ත්වය මත දින කිහිපයකට පෙර ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය ශක්‍යතාවයන් ගණනය කරන ෆිච් රේටින් ආයතනය සී සී සී සිට සී සී දක්වා ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය 20 වනදා හිරු ටී වි සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, ස්ථිර ලෙසම නව වසර උදා වීමට පෙර මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 3 යි දශම 5 කට ආසන්න වනු ඇති බවයි.
අද(29) පෙරවරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ, මිට පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 යි දශම 1 ක් දක්වා ඉහළ ගිය බවයි.
මේ වසර අවසානය දක්වා මෙම නිල සංචිත ප්‍රමාණය නොවෙනස්ව පවත්වා ගැනීමට හැකිවනු ඇති බව ඔහු එමගින් දක්වා තිබුණා.
මේ අතර, ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රම හඳුන්වාදීම, අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම, යන කරුණු ද මෙරට නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට හේතුවී ඇති බවයි.
කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ, මෙලෙස විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 යි දශම 1 ක් දක්වා ඉහළ යාම කෙටි කාලීනව සාධනීය තත්ත්වයක් වුව ද දීර්ඝ කාලීනව තවදුරටත් විසඳුම් සෙවිය යුතු බවයි.

In keeping with our previous announcements, the official #reserve position of the @CBSL has today reached appox USD 3.1 billion and will remain around that level by end 2021 as well. #RoadMap #SriLanka #GoSL
— Ajith Nivard Cabraal (@an_cabraal) December 29, 2021
Latest News
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026
රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්
Local
29 August 2026
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක්
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා හොංකොං කණ්ඩායමට ජය
Local
29 August 2026
නේපාලයට ආ ගංවතුර ජනප්‍රිය හොලිවුඩ් සිනමාපටයක් වන '2012' චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වන බවට කතාබහක්
Local
29 August 2026
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
Local
29 August 2026
නේපාලය යළි ගොඩගන්න ඩොලර් බිලියන 5ක් පමණ අවශ්‍යයි: එරට මුදල් ඇමති
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026