General04 January 2022

ආසියාවේ රැජින ඉහළම මිලකට අලෙවි වන ලකුණු

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හදුන්වන බලංගොඩින් හමුවූ ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික ඇමරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් කැමැත්ත පළ කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2,200 ක්. ඊට අදාළ ගිවිසුම ජනවාරි හත්වනදා අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්වීන් ඔෆ් ඒෂියා නමින් හඳුන්වන මෙම මැණික බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මීට මාස 07 කට පමණ පෙර හමුවී ඇති අතර, ජෙමලොජිකල් ඉන්ස්ටිටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනයට මෙහි හිමිකාරීත්වය පවතිනවා.

එය කිලෝග්‍රෑම් 310ක බරකින් යුක්තයි.
Related recommendation
Hiru TV News | Programmes