වත්මන් ආර්ථික තත්ත්වය කලමනාකරණය සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමිත කාලයකට සීමා කීරීමට රජය තීරණය කර තිබෙනවා.
මහ බැංකුවේ නිර්දේශ අනුව භාණ්ඩ 367ක් සඳහා මෙලෙස ක්‍රමවේද 3ක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ආනයන සීමා කිරීම ක්‍රම 3 ක් යටතේ සිදුකරන බව රජය නිවේදනය කළා.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් ආර්ථික තත්ත්වය නිසිලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට මෙම ආනයන සීමා කරන බවයි.
පළමු ක්‍රමවේදය යටතේ තෝරා ගත් භාණ්ඩ සඳහා බදු පනවන අතර, ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන බව එහි දැක්වෙනවා.
තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩවලට බදු හා බලපත්‍ර පැනවීමට කටයුතු කරන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අනුව, දෙවන ක්‍රමවේදය යටතේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවනු ලැබුවා.
එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ රටඉඳි, බටර්, චීස්, ඇතුළත් කර තිබෙනවා.
එසේම, අමු හෝ ශීතකල මාළු, කිරි, යෝගට්, චොක්ලට්, කොකෝවා අඩංගු ආහාර, සීරියල්, පළතුරු යුෂ, පානීය ජලය සහ මධ්‍යසාර නොවන පාන වර්ගද එම ලැයිස්තුවට ඇතුළත්.
එසේම, මධ්‍යසාර යටතට ගැනෙන බියර්, වයින්, විදේශීය මත්පැන් වර්ග, දුම්වැටි සහ දුම්කොල අඩංගු වෙනත් නිෂ්පාදන මෙන්ම, ඉටිපන්දම් හා ලාම්පු ද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
මීට අමතරව සුවඳ විලවුන්, සංගීත භාණ්ඩ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ෂැම්පු, සබන් ආදිය ද පාවහන්, කුඩ, හා හිස්වැසුම් යන භාණ්ඩ මත ද ආනයන සීමා ක්‍රමවේද ක්‍රියාත්මකයි.
මීට අමතරව සෙරමික් පිඟන් භාණ්ඩ, වීදුරු භාණ්ඩ, නානකාමර උපාංග, වායු සමීකරණ හා ශිතකරණ, ඉලෙක්ට්‍රොනික් ගෘහ භාණ්ඩ, සියලුම වර්ගයේ ස්ථාවර හා ජංගම දුරකථන, සෙල්ලම් බඩු ද ආනයන සීමා ක්‍රමවේදය යටතට ගැනෙනවා.
ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතුයි.
අදාල ගැසට් නිවේදනය මෙතනින්

Latest News
හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටව යයි
Local
16 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 128.72කින් පහළට
Local
16 September 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ප්‍රබල අකුණු අවදානමක්
Local
16 September 2026
මන්නාරමේ නව හදිසි අනතුරු ඒකකයට ජනපති ප්‍රධානත්වයෙන් මුල්ගල තැබේ
Local
16 September 2026
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
16 September 2026
අරවින්දට සහ බිරිඳට වරෙන්තු : උසාවි නොපැමිණියේ මවගේ අවසන් කටයුතු නිසා - අරවින්දගේ නීතිඥ කියයි
Local
16 September 2026
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
16 September 2026
සරසවි ඇදුරන් අද කළු ඇදුමින් විශ්වවිද්‍යාලවලට
Local
16 September 2026
නීතිවිරෝධීව උපයාගත්තැයි තණමල්විල "බතල හීන් මහත්තයා"ගේ මිලියන 1,800ක දේපළ සහ ලක්ෂ 350ක ජීප් රථයක් දින 14කට ක්‍රියා විරහිතයි
Local
16 September 2026
රුමේෂ් තරංගට සෑම වසරකම ලෝකයේ හොඳම හෙල්ල කට්ටලයක් ලබාදීමට ඩඩ්ලි සිරිසේනගෙන් පොරොන්දුවක්
Local
16 September 2026