General25 March 2022

ලබන සතියේ විදුලි කප්පාදුව දිනකට පැය දහයක්? (වීඩියෝ)

ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මේ වන විට ක්‍රියාත්මක වන දිනකට පැය හය හමාරක් වන විදුලි කප්පාදුව ලබන සතිය වන විට දිනකට පැය දහයක් විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට දිවයිනේ සියලුම ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි.

ඇතැම් ජලාශවල ජල මට්ටම් අනුව විදුලි බලය නිපදවීම සිදු කළ හැකි වන්නේ තවත් දින ගණනාවක් පමණක් බවත් ඔහු සඳහන් කළා.

මේ අතර දිවයිනට අඛණ්ඩව ඩීසල් සැපයුම් සිදු නොවන තත්ත්වයක් මත ඩීසල් සහ දැවි තෙල් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන විදුලි ජනන යන්ත්‍ර භාවිතයත් අත්හැර දමන්නට සිදු වී තිබෙනවා.

අද දින කෙරවලපිටිය දැවි තෙල් බලාගාරයේ විදුලි බල උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන්න ට සිදු වූයේ එම විදුලි බලාගාරයට අවශ්‍ය කරන දැවිතෙල් ප්‍රමාණවත් තොග නොලැබීම හේතුවෙන්.

Related recommendation
Hiru TV News | Programmes