සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා සමගි ජන බලවේගය සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මූලික එකඟත්වයකට පැමිණ තිබෙනවා.
අදාල එකගත්වයට පැමිණ ඇත්තේ එම දෙපාර්ශවය නියෝජනය කරන මන්ති්රීවරුන් අතර කොළඹ දී අද පැවති සාකච්ජාවකදියි.
එම සාකච්ඡාව සඳහා ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ ටිරාන් අලස් සහභාගි වී තිබෙනවා.
එමෙන්ම අදාල සාකච්ජාවට සමගි ජනබලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් සහභාගි වී සිටි බව සදහන්.
මේ අතර, ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාව මෙම සතිය තුල කතානායකවරයාට භාර දෙන බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120 ක බහුතරයක් පවතින බවයි.
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ති්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගෙන් අප කල විමසීකදී සදහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සදහා මේ වන විට මන්ති්රීවරුන් 120කගේ කැමැත්ත ලැබී ඇති බවයි.
සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සියලු පක්ෂ වෙතින් ඉල්ලීමක් කළා.
එමෙන්ම, ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන් ප්‍රකාශ කළා.
පෙරේදා පක්ෂ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
ජීවන් තොන්ඩමාන්ට සහ පි.රාමේෂ්වරන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඒ අනුව විශ්වාසභංගයට මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් සහාය හිමිවනු ඇති.
පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගෙන් පෙරේදා දිනයේදී ලේඛනයකට අත්සන් ගැනීම ආරම්භ කළ අතර, ඊට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.
එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකර ඇති ලිපියට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.
දැනට භාරදී ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යාම සඳහා පක්ෂ නායක රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇත්තේ.
ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, විපක්ෂ නායකවරයා වෙත යොමු කළ සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ලබන 28 වනදා පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියම කර ඇති බවයි.
එමෙන්ම, ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා අග්‍රාමාත්‍යවරයාට, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාට, නීතිපතිවරයාට ඉදිරිපත් කළ බවත් අද රැස්වන කැබිනට් මණ්ඩලයේදි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
අදාල තීරණය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම කැබිනට් ලේකම්වරයාගේ නිත්‍යානුකූල වගකීම බවයි කථානායකවරයා එමගින් දන්වා ඇත්තේ.
මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් හමුව අද පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදි වත්මන් දේශපාලන අර්බුදය මෙන්ම නව ව්‍යවස්ථා සංශෝධන අනුමැතිය ලබාගැනීමට නියමිතයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීම සදහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හෙට පැවත්වෙන මාධ්‍ය හමුවට ජනාමාධ්‍ය අමාත්‍ය ආචාර්්‍ය නාලක ගොඩහේවාද සහභාගිවීමට නියමිතයි.
මේ අතර, දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවංකවම රටට හා ජනතාවට ආදරය කරන්නේ නම් සහ අවංකවම වත්මන් අර්බුදයට විසදුමක් ලබාදීමට කැපවන්නේ නම් සියලු භේද පසෙකලා එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

Latest News
සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා තරගාවලිය: හර්ෂ කරුණාරත්නට රන් පදක්කමක්
Local
20 June 2026
අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගනී
Local
20 June 2026
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026
ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ
Local
20 June 2026
යතුරුපැදියකට ගිනි ඇවිළෙයි
Local
20 June 2026
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
Local
20 June 2026
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026