General29 April 2022

ප්‍රවීණ සිනමා නිළි අනූෂා සොනාලිගේ අවසන් කටයුතු සිදු කෙරේ (ඡායාරූප)

ප්‍රවීණ සිනමා නිළි, අනුෂා සොනාලිගේ අවසන් කටයුතු අද (29) දිනයේ සිදු කෙරුණා.

ඒ, නැදිමාල පොදු සුසාන භූමියේදී යි.

ඇය ඊයේ දිනයේ දී කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්.

මමත් ගැහැනියක් , දරු උපත , වීසි දැල, ලොකු දුව යන ජනාදරයට පාත්‍ර වූ සිනමා පට ගණනාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.

වර්ෂ 1972 දී උපත ලැබූ අනූෂා සොනාලි මහත්මිය මියයන විට 47 හැවිරිදි වියෙහි පසුවූවා.



Related recommendation
Hiru TV News | Programmes