General02 May 2022

කුලියාපිටිය - කනදුල්ල රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රියදුරා අත් අඩංගුවට

කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කනදුල්ල ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස මුහුණට මුහුණලා ගැටී ඇති බවයි.

සිද්ධියෙන් අවුරුදු 39ක් වයසැති කුලියාපිටිය - කුරුදල්පොත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගියා.

මෙම අනතුරින් පසු ප්‍රකෝප වූ පිරිස් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා ඇති අතර, රියදුරු ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර, බාල වයස්කරුවෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ..
Related recommendation
Hiru TV News | Programmes