General09 May 2022

මුළු දිවයිනට ම පොලිස් ඇදිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනට ම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ, ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දී ජන ඒකරාශි වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් පොදු දේපොළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව යි.
Related recommendation
Hiru TV News | Programmes