General12 June 2022

පාසල් දින අඩු කිරීමේ තීරණයක් නැහැ - ගුරු - සිසු පැමිණීම යහපත් මට්ටමක

පාසල් පවත්වන දින ගණන අඩු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය දිනවල ගුරුවරුන්ගේ මෙන්ම සිසු සිසුවියන්ගේ පැමිණීම යහපත් ප්‍රතිශතයක පැවති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ පාසල් දරුවන්ට ඉදිරි කාලයේ යම් සහන ලබාදීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වෙන දින ගණන සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින්.
Related recommendation
Hiru TV News | Programmes