පරිගණක තාක්ෂණික ඉතිහාසයේ අන්තර් ජාලය පරිහරණය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම පලමු වරට හඳුන්වා දුන් ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරා යෙදවුම 27 වසරකට පසු භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
1995 වසරේ දී භාවිතයට එළිදැක්වුනු මෙම යෙදුම 2004 වනවිට අන්තර්ජාල සැරිසරන්නන්ගෙන් 95%ක් භාවිත කළ ප්‍රමුඛතම යෙදවුම ද වනවා.
මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ එක්ස්ෆ්ලෝරා 11 යෙදුම වෙනුවට මයික්‍රොසොෆ්ට් එජ් යෙදුම පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමේදී භාවිතයට ගැනීමට හැකිවන බවයි.
නමුත් ගෝගල් සමාගම ගූගල් ක්‍රෝම් (Google Chrome), ඇපල් සමාගම ඇපල් සෆාරි (Apple's Safari) සහ මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla Firefox) වැනි වඩාත් වේගවත් යෙදවුම් හඳුන්වා දීමත් සමඟම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර යෙදවුමට ඇති ඉල්ලුම පහළ වැටුණා.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර යෙදවුමට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වූයේ සුහුරු ජංගම දුරකථන වල සංවර්ධනයත් සමගයි.
ඒ අනුව ඇපල් සමාගම ඔවුන්ගේ සියලුම ජංගම දුරකථන නිෂ්පාදන සඳහා පෙර-ස්ථාපිත Safari බ්‍රව්සරය ඇතුලත් කර නිෂ්පාදනය කළ අතර සියලුම වර්ගයේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන වල අන්තර්ජාල ප්‍රවේශය සහ සෙවුම් සඳහා බහුල වශයෙන් භාවිත කෙරුනේ google chrome යෙදවුමයි.
ස්වාධීන වෙබ් විශ්ලේෂණ සමාගමක් වන ස්ටැට්කවුන්ටර් (StatCounter) ට අනුව, ජංගම සහ ටැබ්ලට් හරහා අන්තර්ජාල භාවිතය 2016 ඔක්තෝම්බර් මාසයේදී පළමු වරට ලොව පුරා ඩෙස්ක්ටොප් පරිගණකය අභිබවා ගියා.
කෙසේ වෙතත් දශක දෙකකට වැඩි කාලයක් වින්ඩෝස් පරිගණකවල පූර්ව ස්ථාපනය කර ඇති ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් උරුමය විශ්‍රාම යාමෙන් පසුවද පවතිනු නිසැකයි.
ඒ අදටත් අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර "සෑම මේසයකම සහ සෑම නිවසකම ක්ෂුද්‍ර පරිගණකයක්, මයික්‍රොසොෆ්ට් මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීම" පිළිබඳ පළමු ප්‍රවේශය සැකසූ ප්‍රධානතම මෙවලමක් ලෙසයි.

Follow US

Most Viewed Stories