General16 June 2022

තලකොටුව උද්‍යාන පාරේ මෝටර් රථයක් තුළ මියගිය පුද්ගලයා සිටියේ ඉන්ධන පෝලිමක නොවේ

අද දහවල් තලකොටුව උද්‍යාන මාවතේ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවුණා.

අදාළ පුද්ගලයා ඒ අසළ පිහිටි ජාත්‍යන්තර පාසලේ ඉගැනුම ලබන සිය මිණිපිරිය රැගෙන යාමට පැමිණි අයෙකු බවයි, කිරුළපන පොලිසිය සඳහන් කළේ.

මෙලෙස හදිසි මරණයකට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 70ක පුද්ගලයෙකු වන අතර, මරණය සම්බන්ධයෙන් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මොළයේ ස්නායුවක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ස්භාවිකව මියගොස් ඇති බවද, තීන්දු කෙරුණා.

මේ අතර, මෙම පුද්ගලයා සිය මෝටර් රථය තුළ මිය ගොස් සිටින ඡායාරූපය භාවිත කරමින් බොහෝ සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් ගිණුම්වල සටහන් කර තිබුණේ, එය තෙල් පෝලිමක සිදු වූ තවත් මරණයක් ලෙසට යි.
Related recommendation
Hiru TV News | Programmes