කිසිදු විශේෂ ගණයකට ඇතුළත් නොවන සියලුම රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සදහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දාත් 3, 4 සහ 5 අංක සහිත වාහනවලට අඟහරුවාදා සහ සිකුරාදා දිනත් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
වාහන අංක තහඩුවේ අවසන් අංකය 6,7,8 සහ 9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමටයි යෝජනා කර ඇත්තේ.
කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා සතියකට හෝ මාසයකට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැකි වනවා.
මේ අතර මීගහතැන්න සහ නිකවැරටිය පොලිස් වසම්වල ඉන්ධන පිරවුම්හල් දෙකක් අසල කලහාකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගහතැන්න - පැලවත්ත ඉන්ධන පිරවුම්හල අසලදී එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ හා යුද හමුදා සෙලුන්ගේ රාජකාරියට බාධා කරමින් හා මහජන සාමය කඩවන අයුරින් බීමත්ව කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 37, 38 සහ 40 යන වයස්වල පසුවන පහලහෙවෙස්ස සහ පැලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.
එමෙන්ම නිකවැරටිය - මාගල්ලේගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල කලහකරි ලෙස හැරෙමින් එහි සේවයන් සාපරාධී බිය ගැන්වීම යන චෝදනාව යටතේ පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ඔහු 45 හැවිරිදි නිකවැරටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
බණ්ඩාරවෙල ඉන්ධන පිරවුම්හලක ඊයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේ වෙනත් වාහනයක් පෝලමට පිටතින් ගොස්, අත්‍යවශ්‍ය සේවා සඳහා වෙන්කර තිබූ ස්ථානයෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සහ කිරීමත් සමග යි.
කෙසේ වෙතත්, දිවයින පුරා ඉන්ධනහල් ඉදිරිපිට දිවා රෑ පුරා අඛණ්ඩව පවතින්නේ දිගු පෝලිම්.
මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණද එය හෙට දිනයේ ශ්‍රී ලංකාවට ලඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව දිවයින පුරා පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අනිද්දා සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකි වනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
ඩීසල් රැගත් නෞකාවක් අනිද්දා මෙරටට ළඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළා.

Latest News
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට
Local
01 August 2026
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්රණ අගෝස්තු 05 සිට තහනම්
Local
01 August 2026
රත්මලානේ වෙඩි තැබීමක්: අයෙක් ජීවිතක්ෂයට
Local
01 August 2026
බන්ධනාගාර කොමසාරිස් හරහා මහර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට පියවර : අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්: පිටත ආරක්ෂාවට පොලිසිය සහ STF කැඳවයි
Local
01 August 2026
බන්ධනාගාර ගැටුමේ ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් හමුවෙයි
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට ප්රදානය කෙරේ
Local
01 August 2026
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට
Local
01 August 2026
බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
Local
01 August 2026