කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
ජනාධිපතිවරයා සහභාගී නො වීම නිසා සඳුදා(11) දින පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම දින නියමයක් නැතිව කල් යාමෙනුයි මෙම අර්බුදය උද්ගත වී තිබෙන්නේ.
මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.
අදාළ යෝජනාවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇත්තේ, කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නො හැකි බව සඳහන් කරමින් යනුවෙනුයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල දින නියමයක් නැතිව ඇණ හිටීමෙන්, ජනතාව ඉදිරියේ දී අර්බුද රැසකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි අදාළ රජයේ ප්‍රකාශකයා කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දේශීය බැංකු විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 128ක් ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා.
එසේ ම, ජූලි මස 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඔටෝ ඩීසල්, ඉන්ධන තෙල් සහ බොරතෙල් තොග තුනක් සඳහා මෙම ගෙවීම් වෙන්කර තිබු බවයි රජයේ ප්‍රකාශකයා කියා සිටියේ.
එම නෞකා තුන සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72ක් (රුපියල් බිලියන 22,650ක්) ද, එදින ම තවත් ඩොලර් මිලියන 28.26ක් (රුපියල් බිලියන 10,371ක්) ද සහ ජූලි මස 17 දින ඩොලර් මිලයන 89.04ක් (රුපියල් බිලියන 32,678ක්) ගෙවීමටයි නියමිතව තිබුණේ.
අදාළ ගෙවීම් කිරීමට නොහැකි වුවහොත් තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන අතර තෙල් සැපයුම ද තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබෙන බව ද එම රජයේ ප්‍රකාශකයා සඳහන් කර සිටියා.
එමෙන් ම දැනටමත් පවත්නා පැය තුනක විදුලිය කපා හැරීම, දිර්ඝ කිරීමකින් තොරව එලෙස ම පවත්වා ගැනීම සඳහා මෙම තෙල් තොගය ලබා ගැනීම ද අත්‍යවශය බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Latest News
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026
විනිසුරුවරුන් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව පොදු යහපත වෙනුවෙන් බවට ජනපති නීතිඥ සංගමය හමුවේ අවධාරණය කරයි
Local
12 August 2026
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026