General27 September 2022

වාහන මිල පහළට

අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟය ඇතුළු තවත් ගැටලු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බව යි එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ.

කෙසේ වෙතත් වාහනවල මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු කියා සිටියා.

අමතර කොටස් මිල ඉහළ යාමෙන් වැඩි ම බලපෑමක් එල්ල වී ඇත්තේ, කුලී සේවා සපයන ත්‍රීරෝද රථ රියදුරන්ට යි.
Related recommendation
Hiru TV News | Programmes