සමරිසි ප්‍රජාව අතර වඳුරු උණ ව්‍යාප්තිවීමේ අවදානම ඉහළට (වීඩියෝ)

Saturday, 05 November 2022 - 19:12

%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය සමරිසි ප්‍රජාව අතර ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ කර ඇත්තේ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමරිසි ලිංගික නැඹුරුතා සහිත පිරිමින්ට සිය සහකරුවන් සීමා කළ යුතු බවටයි.

මේ වනවිට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් සියයට 99 ක් පමණ පිරිමි පුද්ගලයන් වන අතර ඉන් සියයට 95ක්ම සමරිසි ලිංගික සබඳතා පැවැත්වූවන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොස්මන්ඩ් ලෙවිස් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් සමරිසි ලිංගික සබඳතා පවත්වන පිරිමින් සිය සහකරුවන් සීමා කිරීම රෝග ව්‍යාප්තිය පාලනයටත්, රෝගය වැළදීමේ අවදානම අඩු කර ගැනීමටත් අතිශය වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩොනම් සඳහන් කර තිබෙනවා.

මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් ද සොයා ගෙන ඇති බව ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඩුබායි සිට මෙරටට පැමිණි කැළණිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුයි මෙලෙස හඳුනා ගෙන තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories