ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ බව සනාථ කළ අතර, කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට අශේන් බණ්ඩාර කැඳවූ අතර, ඔහුව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තබා ගැනීමටයි ක්‍රිකට් බලධාරින් කටයුතු කළේ.
මේ අතර ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට පිටත් වුණා.
නවතම :-
ඊයේ සිඩ්නි පොලිසිය විසින් කාන්තාවක් සිදු කළ පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට මේ වනවිට ස්ත්‍රීන් සම්බන්ධව ලිංගික චෝදනා 04ක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තාවනවා.
dating app හරහා ධනුෂ්කට මුණගැසුණු 29 හැවිරිදි තරුණියකට ඔහු විසින් ලිංගික අතවර කළ බවටයි ඇය විසින් චෝදනා කර ඇත්තේ.
සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති බවටත් The Australian වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇත්තේ; 'Sri Lankan cricket star charged over alleged Sydney rape' යනුවෙන්.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළයි.
මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
අද පස්වරුවේ ධනුෂ්ක ගුණතිලකව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026
දිස්ත්‍රික් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන
Local
25 August 2026