එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව වෙළෙඳපොළට බිත්තර නිකුත් කරන කරන බවත්, ජනවාරි මාසයේ සිට බිත්තර මිල පහළ යෑමට නියමිත බවත් සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද(29) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.
බිත්තර නිෂ්පාදන ක්ෂේත්රයේ කඩා වැටීම අද ඊයෙක සිදු වූවක් නොවන බව පවසන ඔහු පවසන්නේ එම කඩා වැටීම සිදු වූයේ 2019 වසරේ සිට බවත් පාස්කු ප්‍රහාරයත් සමඟ එම ව්‍යාපාරය 25%කින් පමණ කඩා වැටුණු බවත්, අනතුරුව කොවිඩ් වසංගතය සහ බලශක්ති අර්බුදය හේතුවෙන් මෙම ක්ෂේත්රය තවත් කඩා වැටුණු බවයි.
මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 65ක් වන බවත් දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 40ක් වන බවත් පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, බිත්තර නිෂ්පාදකයන් විසින් සියලු පිරිවැය දරා ගනිමින් තමන් විසින් බිත්තරයකට රුපියල් 55ක මිලක් ඉල්ලන බවත්, එය විවිධ පාර්ෂවයන්ගේ දැඩි ඉල්ලීල මත එම රුපියල් 55 සීමාවට පැමිණි බවයි.
නමුත් තම සංගමය කැඳවීමකින් තොරව රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක් නිකුත් කළ බවත්, වෙළෙඳ අමාත්‍යංශයට බිත්තර නිශ්පාදන වියදමගැන අවබෝධයක් නැති බවත්, එම ගැසට්ටුව නිසා මෙරට බිත්තර කර්මාන්තය බින්දුවට ම කඩා වැටුණු බවත් එම සංගමයේ භාණ්ඩාගාරිකවරයා පැවසුවා.
මේ සම්බන්ධයෙන් කොළඹ වානිජ්‍ය අධිකරණයේ නඩුවපැවරීමට තම සංගමය කටයුතු කළ බව කියන සංගමයේ භාණ්ඩාගාරිකවරයා වැඩිදුටත් පවසන්නේ, "මේක දේශපාලනිකව බේරගන්න බැරි නිසයි අධිකරණයට ගියේ." යනුවෙන් පැවසුවේ.
"ඊයේ දවසේ සමස්ත ලංකා වෙලද සන්ගමයක කෙනෙක් යැයි කියන කෙනෙක් මාධ්‍ය හමුවක් පැවැත්වුවා, එයා ජේවීපී කෙනෙක්. එයාගේ ගෙදර බිත්තර දාන කිකිලියන් 10 ඉන්නවද කියල බලන්න. රුපියල් 25 දෙන්නම් කියපු එක අසත්‍යයි. මම අභියෝගයක් ඉදිරිපත්කරනවා පුලුවන්නම් සංවාදෙකට එන්න කියලා. 25 බිත්තරයක් දෙන්න පුලුවන් කියන එක ආස්චර්යක්. සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තමයි කියන්නේ මෙච්චර නිශ්පාදන වියදමක් යනවා කියලා. 55 ඉල්ලන්නේ අපට නෙවෙයි. අපි නිශ්පාදකයාට ඉල්ලන්නේ 48 ක්. වෙළෙඳ අමාත්‍යවරයා ගැසට් එකට ඇතුලත් කරනවා හිගයක් දැති උනොත් රටින් ගෙන්වනවා කියලා. 90% ක් ආනයන මත තමයි අප යැපෙන්නේ. මේ ක්‍රියාවලිය නිසා 2023 බිත්තර කර්මාන්තය කඩාවැටෙනවා. සමහරවිට වෙළෙඳ අමාත්‍යවරයාට යටි අරමුනක් ඇති අප්‍රෙල් උත්සව සමයට රටින් බිත්තර ගේන්න. අපි ඉල්ලනවා අපේ සාධාරන ඉල්ලීම ඉටු කරන්න කියලා. 55 ඉල්ලන්නේ උත්සව සමයට විතරයි. මෙහෙම හිරකරගෙන ඉන්න එකෙන් කුඩා නිශ්පාදකයින් කර්මාන්තයෙන් එලියට යනවා. පෙබරවාරි මාසෙන් පසු බිත්තර නිශ්පාදනය ලක්ශ 5ට බහිනවා." යනුවෙන් පැවසුවා.
එහි දී ඔහු වැඩිදුරටත් ඉල්ලා ස්ටියේ, උත්සව සමය ඉවර වෙනකම් රුපියල් 55ක සිල්ලර මිලක් බිත්තරයට ලබා දෙන ලෙසත්, ආනයනික භාණ්ඩවල මිල පහළ යමින් තිබෙන නිසා ජනවාරි - පෙබරවාරි වන විට බිත්තර මිල පහළ යාමක් අපේක්ෂා කරන බවත් එම පහළ යාම රුපියල් 50ට පහළ මිලක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා.

Latest News
යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්‍රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025

අල්පොන්සෝ අඹ ගෙඩි 120ක් හොරෙන් කඩා ගෙන යද්දී අල්ලයි
Local
21 October 2025