සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, නුගේගොඩ - පාගොඩ පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණි මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනා ඩිලාන් සේනානායකගෙන් තමන් හදුනා ගැනීමට හැකි දැයි අසා එකවර ඔහුගේ දෑත් සහ පාදවලට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් දෙදෙනා පසු ව ත්‍රීරෝද රථයකින් පළා ගොස් තිබෙනවා.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව තමන් සාක්ෂි ලබා නොදුන් බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජු සමරසිංහ හෙවත් මෝටිවේෂන් අප්පච්චි පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.
ලහිරු වීරසේකර විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ත්‍රස්ත විමර්ශන පනත යටතේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා මෝටිවේෂන් අප්පච්චි ඇතුළු කිහිප දෙනෙකු සාක්ෂි ලබාදී ඇති බවයි.

Latest News
ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට
Local
09 July 2026
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026