General15 December 2022

පිහි ඇණුමකින් තුවාල ලැබූ ඩිලාන් සේනානායක රෝහල් ගත කෙරෙයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, නුගේගොඩ - පාගොඩ පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණි මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනා ඩිලාන් සේනානායකගෙන් තමන් හදුනා ගැනීමට හැකි දැයි අසා එකවර ඔහුගේ දෑත් සහ පාදවලට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් දෙදෙනා පසු ව ත්‍රීරෝද රථයකින් පළා ගොස් තිබෙනවා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව තමන් සාක්ෂි ලබා නොදුන් බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජු සමරසිංහ හෙවත් මෝටිවේෂන් අප්පච්චි පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

ලහිරු වීරසේකර විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ත්‍රස්ත විමර්ශන පනත යටතේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා මෝටිවේෂන් අප්පච්චි ඇතුළු කිහිප දෙනෙකු සාක්ෂි ලබාදී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes