Updated - 2023.01.06 - 02.10PM
දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
.................................................................................................................................................................................................
සේපාල් අමරසිංහ අධිකරණයට
දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ නැමැත්තා අද (06) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
අදාල සැකකරු ඊයේ (05) රාත්‍රියේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුව ගත්තා.
බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සේපාල් අමරසිංහ නැමැති පුද්ගලයෙක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කිරීමත් සමඟ පාර්ශ්ව රැසකින් ඊට දැඩි විරෝධය මතු වුණා.
මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන්ද මේ පිළිබඳ පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.
ඒ අනුවය ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම විමර්ශන පොලිස්පතිවරයා විසින් භාරදීමට කටයුතු කළා.
සේපාල් අමරසිංහ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවයි.

Latest News
ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ අනතුරක් වාර්තා කිරීමට ගිය හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙකු මරුට
Local
16 September 2026
FCID කැඳවීමක් තිබියදී ශිරන්ති රටින් පිට වූ බවට පළවන වාර්තා අසත්‍ය බවට පවුලේ සාමාජිකයෙකුගෙන් දැනුම්දීමක්
Local
16 September 2026
වියළි කාලගුණයෙන් 163, 869කට තවදුරටත් පීඩා
Local
16 September 2026
ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ ගියද ගංවතුර අවදානමක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Local
16 September 2026
ඉරාන යුද්ධයට අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියන 38ක්
Local
16 September 2026
පසුගිය වසරේ රැකියා විරහිතභාවයේ ප්‍රතිශතය සියයට 3.9%ක්
Local
16 September 2026
තැපැල් ඡන්ද තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැඩි විවේචන
Local
16 September 2026
සම්පත් බැංකුව නිලාවේලි , ත්‍රිකුණාමලය හා පාසිකුඩාවල හෝටල් දේපල තුනක් අත්පත් කරගනී
Local
16 September 2026
එළැඹෙන 24 වැනිදා FCIDයට කැඳවීමක් තිබියදී ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි
Local
16 September 2026
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
Local
16 September 2026