General26 January 2023

රජයේ මුදල් සාපරාධි පරිහරණය කිරීමේ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාව ලෙස සිටිය දී තරුණ්‍යයට හෙටක් සංවිධානයට එම කොමිසමේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 50ක් ලබා දීම තුලින් රජයේ මුදල් සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

මීට අදාළ නඩු විභාගයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා කියා සිටියේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන් කළා.

මෙලෙස නිදොස්කොට නිදහස් කරනු ලැබූ සෙසු විත්තිකරුවන් වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රාහිම් යන අයයි.
Related recommendation
Hiru TV News | Programmes