General07 March 2023

පිලිපීනයේ භූ කම්පනයක්

දකුණුදිග පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එරට වේලාවෙන් අද (07) පස්වරු දෙකට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, මරගුසාන් නගරය ආශ්‍රිත ව යි.

එය කඳුකර ප්‍රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති නගරයක්.

භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර, සිදු ව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes