දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසිත් සමඟ සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
මේ අතර බණ්ඩාරවෙල - පූනාගල - හබරගල වත්තේ වතු නිවාස පෙළක් ඊයේ නායයෑමට ලක්වීමෙන් එහි ජීවත්වූ හත්දෙනෙකු තුවාල ලබා සිටියදී රෝහල් ගත කර තිබෙනවා.
ප්‍රදේශයට රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ නායයෑම සිදුව ඇති බවත්, තුවාලකරුවන්ගෙන් හතරදෙනෙකු දියතලාව මූලික රෝහලට සහ තවත් තුන්දෙනෙකු කොස්ලන්ද රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
නායයෑම සිදුවීමෙන් පසු පවුල් 60 ක පුද්ගලයින් 200 දෙනෙකු පමණ පූනාගල පාසලේ කඳවුරක නවතා තිබෙනවා.
නායයෑමට ලක්වූ ප්‍රදේශයට පවතින අධික වර්ෂාව සහ මීදුම නිසා සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟාවීමට නොහැකිවී ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම බදුල්ල - හල්දමුල්ල සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.
මේ අතර ගල් සහ පස් කඳු කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර - මහියංගණ ප්‍රධාන මාර්ගයේ 18 වංගුව තවදුරටත් වසා තැබෙන බව පොලිසිය සඳහන් කළා.
එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට වසා දැමීමටයි පියවර ගැනුනේ.

Latest News
කේරළ වෙරළට ඔබ්බෙන් බහාලුම් නෞකාවක් පෙරළෙයි
Local
24 May 2025

බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025