General29 March 2023

ඩොලර් කෝටි 10ක් වංචා කළ ONMAX DT පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂවරු 6කගේ විදෙස් ගමන් තහනම්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (28) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් ගත් එම තීරණය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

තව ද සැකකාර අධ්‍යක්ෂවරුන් සහ සමාගම සතු ගිණුම් 57ක් අත්හිටුවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාශාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික සහ ධනංජය ජයාන් යන අය වෙතටයි.
Related recommendation
Hiru TV News | Programmes