හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සිදුකළ වැටලීම්වලින් ආයතන 19කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනේ (ඡායාරූප)

Saturday, 08 April 2023 - 11:44

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+19%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදු කළ හදිසි වැටලීම්වලින් ආයතන 19කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් තවත් ස්ථාන 9කට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

ළඟ එන උත්සව සමය හා ආහාර සෞඛ්‍ය සතිය නිමිතිකොටගෙන හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් හබරාදුව, උණවටුන, අහංගම, කොග්ගල, තල්පේ, ආදි ප්‍රදේශවල විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය මාර්ග උපදේශයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ බේකරි නිශ්පාදන ආයතන පහකට සහ හෝටල්, තොග සහ සිල්ලර වෙළඳසැල්, ඇතුළු ස්ථාන 19 සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.

එමෙන්ම එහිදී තවත් ස්ථාන නමයකට දැඩි ලෙස අවවාද සිදු කොට එම ස්ථාන සඳහා රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගෙන තිබුණා.

මෙහිදී අධිකරණ ක්‍රියාමාර්ග ලබාගත් ස්ථාන සඳහා නැවත ඒවා නිවැරදි කොට අධිකරණ ක්‍රියාමාර්ග මත නැවත එම ස්ථාන පවත්වාගෙන යාමට කටයුතු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම වැටලීම්වල දී අය කරගෙන ඇති දඩ මුදල රුපියල් 14,22,000කට ආසන්න බව ද වාර්තා වෙනවා‍.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories