General25 April 2023

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව පමා කරන්න කෝටි 25ක අල්ලසක් - විජේදාස රාජපක්ෂ (වීඩියෝ)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවු හානියට අදාළ වන්දි ලබාගැනීම ප්‍රමාද කිරීම සදහා අල්ලස් ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් ලද තොරතුරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබුවා.

එහිදි ඔහු සදහන් කළේ අදාළ වන්දි ලබාගැනීම වෙනුවෙන් වූ නඩුව අද (25) සිංගප්පුරු අධිකරණයේ ගොනුකරන බවයි.

පසුව ඊට අදාළ වන්දි නඩුව පමා කිරීම සඳහා කෝටි 25 ක අල්ලසක් ගත් බව කියන චාමර නමැත්තෙකු පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා කළ හෙළිදරව්වත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.


Related recommendation
Hiru TV News | Programmes