General02 May 2023

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැංකොක් බලා පිටත්ව යයි

ලෝක සාම සම්මේලනයට සහභාගි වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 402 දරණ යානයෙන් අද අලුයම 1.10 ට ඔවුන් මෙලෙස පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes