තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට තමන් සමාව ඉල්ලන බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි.
ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.
එසේම ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.
එවන් පසුබිමක් තුළ කටුනායක පිහිටි මිරැකල් ඩෝම් සම්මේලන මධ්‍යස්ථානයේ අද ආගමික දේශනයක් පැවැත්වෙන බවට ඔහු මීට පෙර සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කර තිබුණා.
කෙසේ වෙතත් ඔහු එම රැස්වීම අවලංගු කර තිබූ අතර, ඉන් අනතුරුවයි එය දෙහිවල පැවැත්වෙන බවට සටහනක් තබා තිබුණේ.
එහෙත් එයද අවලංගු කර පසුව අදාළ ආගමික දේශනය මිරිහාන ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
එහිදී ආගමික දේශනයට දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටියා.
එහිදී ඔහු කියා සිටියේ තමන් අනිවාර්්‍යයෙන්ම මෙරටට පැමිණෙන බවත් ඊට අදාළව තම නීතිඥවරුන් ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවයි.

Latest News
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට
Local
04 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
Local
04 June 2026
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් අතුරුදන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට
Local
03 June 2026
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට
Local
03 June 2026