වෙළදපළේ බිස්කට් මිල අද සිට සියයට 08 ත් 15 ත් අතර අගයකින් පහත දැමීමට බිස්කට් නිෂ්පාදනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව මිල ගණන් සහිත බිස්කට් අද සිටම වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කළ බවයි එම සමාගම් ප්‍රකාශ කළේ.
පසුගිය කාලයේ ප්‍රධාන පෙළේ බිස්කට් සමාගම් සිය නිෂ්පාදනවල මිල ඉහළ දමනු ලැබුවේ ඩොලරයේ අර්බුදය හමුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බව පවසමින්.
ඒ අනුව, රුපියල් 30 කට අලෙවි වූ ග්‍රෑම් 80 ක් බරැති කුඩා බිස්කට් පැකැට්ටුවක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට එම සමාගම් පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත් එය මේ වන විට රුපියල් 80 දක්වා පහළ දමා ඇති බව එම සමාගම් ප්‍රකාශ කළා.
එමෙන්ම , පසුගිය කාලයේ බිස්කට් මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් ඒවා මිලදී ගැනීම අවම කළ අතර ඒ හේතුවෙන් ඇතැම් බිස්කට් සමාගම් වට්ටම් ලබාදීමටද පියවර ගනු ලැබුවා.
තවද පැකට්ටුව කුඩා කර අලෙවි කිරීමටයි ඇතැම් සමාගම් කටයුතු කරනු ලැබුවේ.
මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමන සියයට 33.6 දක්වා පහත වැටී තිබෙනවා.
එය මාර්තු මාසයේ පැවතුණේ සියයට 49.2 ක් ලෙසයි. එම මාසයේ සියයට 42.3 ක්ව පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ සියයට 27.1 දක්වා පහත වැටී ඇති අතර සියයට 54.9 ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 39 දක්වා පහත බැස තිබෙනවා.
මේ අතර ඇගලුම් අපනයනය කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන හයිඩ්රාමනි සමාගම මීපේ පිහිටි ඔවුන්ගේ කර්මාන්තශාලාව වසා දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටියේ මෙය ඇගළුම් සඳහා පවතින ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩු කිරීමට ගත් තාවකාලිකව පියවරක් බවයි.
තත්ත්වය සාමාන්‍යකරණය වීමෙන් පසු යලි කර්මාන්තශාලවේ කටයුතු ආරම්භ කරන බවද එම සමාගම ප්‍රකාශ කළා.
මෙම කර්මාන්තශාලාවේ දහසකට වැඩි පිරිසක් සේවයේ නිරතවන අතර ඔවුන් සමාගමේ වෙනත් කර්මාන්තශාලා වෙත අනුයුක්ත කර ඇති බවද අදාළ ට්විටර් පණිවුඩයේ දැක්වුණා.
කෙසේ වෙතත් ගෝලීය වශයෙන් ඇගලුම් සඳහා පවතින ඉල්ලුම පහළ බැසීම මෙරට සියලුම ඇගලුම් නිෂ්පාදනය කරන සමාගම් වෙත බලපෑම් එල්ලකර ඇති බව ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු සඳහන් කළා.

Latest News
ලොව අවලස්සනම සුනඛයා ලෙස 'ජිනී' කිරුළ පළඳියි: ත්‍යාගය ඩොලර් 5,000යි
Local
16 August 2026
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026