General28 June 2023

වසර 29ක් පසුව චිම්පන්සියෙකු කූඩුවකින් නිදහස් වෙයි

වසර 29ක් පසුව චිම්පන්සියෙකු කූඩුවකින් මුදවා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

1997 වසරේ දී වසා දමන ලද Laboratory for Experimental Medicine and Surgery in Primates (LEMSIP) නම් එක්සත් ජනපදයේ නිව්යොර්ක් නුවර පිහිටි සුප්‍රසිද්ධ විද්‍යාගරයේ වයස අවුරුදු 02ක් දක්වා ජීවත් වූ මෙම වැනිලා නම් චිම්පන්සියා වසර 29ක් පුරාම තම ජීවිතය ගත කර ඇත්තේ අඩි 05ක් පමණ සිර කූඩුවක බවයි වාර්තා වන්නේ.

පසුව දැඩි උත්සාහයකින් අනතුරු වැනිලාව නිදහස් කරගෙන ඔහුටම වෙන් වූ අභය භූමියක් වෙත රැගෙන ඒමට සත්ත්ව සංවිධානයක් සමත් වී තිබෙනවා.

මේ අවස්ථාවේ වැනිලා තමා සිටි කුටියෙන් එළියට ඒමට බිය වුණත් තවත් චිම්පන්සියෙකු ඇයව පිටතට කැඳවාගෙන ඒම සඳහා කටයුතු කළ අතර එම චිම්පන්සියාව වැළැඳ ගනිමින් වැනිලා සිය ස්තූතිය පුද කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් වසර 29ට පසු නිදහස ලැබුණු වැනිලා තම හිසට ඉහළින් ඇති නිල්වන් අහස දිහා මවිතයෙන් මෙන් බලාගෙන සිටි ආකාරය බොහෝ දෙනෙකුගේ සිත් සංවේදී කිරීමට සමත් වුණා.
Related recommendation
Hiru TV News | Programmes