දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ යෝජනාව අද(01) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා.
යෝජනාවට පක්ෂව ඡන්ද 122 කුත්, විපක්ෂව ඡන්ද 62 කුත් ලැබුණා.
මෙම යෝජනාව සම්මත වීමත් සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවනවා.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය වීමෙන් වැළකී සිටි අතර, අද පස්වරුවේ එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය වැඩසටහනේ යම් යම් සාධනීය අංග ඇතත්, ඇතැම් කරුණු තවදුරටත් සලකා බැලිය යුතු බැවින් ශ්රීලනිපය මෙහිදී මධ්‍යස්ථ ස්ථාවරයක් ගනු ලබන බවයි.
එමෙන්ම පසුගිය දා පැවති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට විරුද්ධව තම මනාපය ලබා දුන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මෙම යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබා දීමත් විශේෂත්වයක්.
"ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව“ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
පිටු 33 කින් සමන්විත එම යෝජනාවේ දැක්වෙන්නේ, රාජ්‍ය ණයවලින් සැලකිය යුතු කොටසක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ දේශීය මුදලින් පවතින ණය, මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් සියයට 42 ක් වන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් බවයි.
රජයේ දේශීය ණයවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් වාණිජ බැංකු නොවන අංශය විසින් දරන බවත් එහි සඳහන්.
ඒ අනුව, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය ණය ප්‍රශස්තකරණය සඳහා සලකා බලන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දැක්වෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරන යෝජනාවේ දැක්වෙන්නේ, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ රජයට ලබා දී ඇති අත්තිකාරම් භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කෙරෙන බවයි.
විශ්‍රාමික අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට හුවමාරු කරනු ඇති බව ද එහි සඳහන් වනවා.
ඒ අනුව විශ්‍රාමික අරමුදල් සඳහා මෙම ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට දායකත්වය දැක්වීමට දිරිගන්වන අතර, එසේ සහභාගී නොවන විශ්‍රාමික අරමුදල් මත පනවන ආදායම් බදු ප්‍රමාණය ඉහළ නැංවෙනු ඇති බවත් යෝජනාවේ සඳහන්.

Latest News
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්
Local
30 August 2026
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026
නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනට
Local
30 August 2026
එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට
Local
30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026