පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධාන පහක තහනම දැඩි කොන්දේසි මත තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 වසරේදී ගැසට් නිවේදනයක් මගින් ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට පියවර ගෙන තිබුණා.
2019 අප්‍රෙල් මස 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට පියවර ගත් අතර ඉන් අනතුරුව බුද්ධි අංශ විශේෂඥයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි නිරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා,ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත්,ලංකා තවුහිද් ජමාත්, එක්සත් තවුහිද් ජමාත් යන ඉස්ලාමීය සංවිධාන 5හි තහනම දැඩි කොන්දේසි මත තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසනවා.
කෙසේවෙතත් මෙය තාවකාලික ඉවත්කිරීමක් වන අතර තවදුරටත් බුද්ධි අංශ විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ අරමුදල් රැස්කිරීම් පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
පනවා ඇති දැඩි කොන්දේසි උල්ලංඝනය කළහොත් ඕනෑම අවස්ථාවකදී මෙම සංවිධාන යළි තහනම් කිරීමට පියවර ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කළේ.

Latest News
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026