General02 August 2023

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා.

සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට මෙම ජල ගාස්තු සංශෝධනය අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය නොවන බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් 30% ට වඩා වැඩි ප්‍රමානයකින් මෙසේ ගාස්තු සංශෝධනය වීමට නියමිත බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes