General11 August 2023

EPF පොලීය කප්පාදුවට එරෙහි පෙත්සම අධිකරණය නිශ්ප්‍රභ කරයි

දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ක්‍රියාවලියට අනුකූලව EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමට රජය තීරණය කර තිබුණා.

මෙම තීරණය තුළින් EPF අරමුදලේ දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර තිබෙනවා.

විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජකන් ද සිල්වා යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් අද (11) මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු හා මුල්‍ය විශ්ලේශකයෙකු වන චතුරංග අබේසේකර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (10) මෙම පෙත්සම සලකා පැලීම සදහා කැදවු අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙනු පෙනීසිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරම් කියා සිටියේ දේශීය ණය පුතිව්‍යුහගත කිරීමේ යෝජනා පසුගිය ජුනි 28 වනිදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ ද අනුමත කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes