General17 August 2023

කංසා වගාව නීති ගත කිරීමට කැබිනට් අනුමැතිය

ජර්මනියේ කැබිනට් මණ්ඩලය කංසා භාවිතය සහ වගාව නීතිගත කරමින් මතභේදාත්මක පනතක් සම්මත කර තිබෙනවා.

ඒ අනුව වැඩිහිටියන්ට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 දක්වා ළඟ තබා ගැනීමට හැකියාව ලැබෙන අතර උපරිම වශයෙන් පැල තුනක් වගා කිරීමට අවස්ථාව හිමි වෙනවා.

දූෂිත කංසාවලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ජර්මනියේ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයස්වල පසුවන ගංජා අවම වශයෙන් එක් වරක් පරිභෝජනය කළ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 2021 දී 25%න් ඉහළ ගොස් තිබුණා.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව ව්‍යවස්ථාව මඟින් තරුණයින් සඳහා මසකට මිලදී ගත හැකි ගංජා ප්‍රමාණය ග්‍රෑම් 30 දක්වා සීමා කර ඇති අතර වැඩිහිටියන් සඳහා ග්‍රෑම් 50ක් දක්වා මිලදී ගැනීම් කළ හැකි බවයි.
Related recommendation
Hiru TV News | Programmes