General08 October 2023

අපොස සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් හයකට අඩු කරයි

රජය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2025 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව ඉදිරි වසරවලදී මෙරට විභාග පද්ධතියේ පුළුල් වෙනසක් සිදු කෙරෙනු ඇති.

පාසල් සිසුන්ට විභාගවල ඇති බර අවම කිරීම සඳහාත්, එහි ගුණාත්මක බව වැඩි කිරීම සඳහාත් 2025 වසර වන විට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි මෙම වෙනස සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

මේ අනුව, සාමාන්‍ය පෙළ විෂයයන් 9ය විෂය‍යන් 5ක් හෝ 6ක් දක්වා අඩු කිරීමට නියමිත බවත්, අනිවාර්ය නොවන කාණ්ඩ විෂයයන්හි විභාග පාසල් මණ්ඩලවලින් පවත්වන විභාග හරහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අනුගමනය කෙරෙන බවත්, මෙහි නියමු ව්‍යාපෘතියක් 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනවා.

මීට අමතරව, උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව 8ක් හෝ 9ක් දක්වා වැඩි කිරීමට ද තීන්දු කර තිබෙනවා. දැනට පාසල්වල ක්‍රියාත්මක 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි ගණන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 12වන ශ්‍රේණිය දක්වා අඩු කෙරෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes