මැදිරිගිරියේ ගොවීන් ඩ්‍රෝන යානාවලින් වගාවට තෙල් ඉසී

Sunday, 03 December 2023 - 13:20

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%93
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩුල්ල ජලාශය මගින් ගොවිතැන් කටයුතු කරන ගොවීන් ඩ්‍රෝන යානාවක් මගින් තම වගා කටයුතුවලට අවශ්‍ය රසායනික තෙල් වර්ග ඉසීම ආරම්භ කර තිබෙනවා.

ප්‍රථම වතාවට එම ගොවීන් එලෙස ගුවනින් රසායනික ද්‍රව්‍ය ඉසීම සිදුකර ඇති අතර එය නියමු ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මීට පෙර අතින් ක්‍රියාත්මක කරවන යන්ත්‍ර මගින් තෙල් ඉසීම් කටයුතු සිදුකරන අතර, එම ක්‍රියාවලියට විශාල කාලයක් වැයවන බව සඳහන්.

ඒ අනුව ඩ්‍රෝන මගින් තම වගාවන්වලට අවශ්‍ය රසායනික තෙල් ඉසීමට වටපිටාව සකස් කර දෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories