General04 December 2023

උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොදමන බවට ප්‍රකාශයක්

මේ වනවිට වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බව අප කළ විමසීමකදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes