General06 December 2023

උපත් පාලනයේ ශීඝ්‍ර වර්ධනයක්

රටෙහි උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව වසරකට 50,000කින් පමණ අඩු වී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා.

ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී ඇමැතිවරයා මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්‍ෂ හතළිස්දහසේ සිට දෙලක්‍ෂ අනූ දෙදහස දක්වා පනස්දහසකින් පමණ අඩු වී ඇති බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දැක් වූ අධ්‍යාපන ඇමැතිවරයා,
''දැන් අපේ රටේ උපත් වේගය අඩුවෙලා. අවුරුදු 05 සම්පූර්ණ කරලා දැන් පාසලට ඇතුළත් වෙන්නේ දරුවන් දෙලක්‍ෂ අනූදෙදාහයි. මීට අවුරුදු 10කට කලින් දරුවන් තුන්ලක්‍ෂ හතළිස්දහසක් පාසල් ගත වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ගත්තත් දරු උපත්වල අඩුවීමක් තිබෙනවා.''
Related recommendation
Hiru TV News | Programmes