General22 January 2024

ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂ නායකයා මින් පෙර ඝාතන නඩුවකටත් සම්බන්ධ අයෙක් (ඡායාරූප/වීඩියෝ)


අද (22) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු ඝාතනයට ලක් වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් 'අපේ ජනබල පක්ෂයේ' නායක සමන් පෙරේරාද මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු නඩු කටයුත්තක් සඳහා සහභාගී වීමට යන අතරතුර දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

කොළ පැහැති කැබ් රථයෙන් පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර මියගිය පිරිස පැමිණ ඇත්තේ ඩිෆෙන්ඩර් රථයකින් බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් මියගිය සමන් පෙරේරා 2022 වසරේ ජූනි 05 වැනිදා තංගල්ලේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වසරේදී අගෝස්තු 24වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සහ වෙඩිතැබීම අතර සම්බන්ධයක් පවතීද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.




Related recommendation
Hiru TV News | Programmes