හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඊයේ පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා ලබාදුන් නියෝගයට අනුවයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් විදෙස් ගමන් තහනමක්ද එහිදී පනවනු ලැබුවා.
ප්‍රශ්නගත එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට පසුගිය 30 වැනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට කැඳවීමක් කර තිබුණත් ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණේ කොළඹ මහාධිකරණයේ නඩු කටයුත්තක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන බව පවසමින්.
කෙසේ වෙතත්, ඊට අදාළව ඊයේ අධිකරණයේදී කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ රැස්වීමට ඔහු සහභාගි වී නොමැති බව විමර්ශනවලදී හෙළි වූ බවයි.
ඊයේ පෙරවරු 9.00ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම දෙපාර්තමේන්තුවට ඇතුලු වී තිබුණේ පිටුපස දොරටුවෙන්.
ඒ අනුව, මේ වනවිට පැය 9 කට අධික කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු 6 දෙනෙකු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය නියෝග කළා.
නඩුවේ පස්වෙනි සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා පාලකවරයා ඇප මත මුදා හැරීමටයි එහිදී අධිකරණය නියෝග කළේ.

Latest News
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026